61640932_10217610720113185_2911486230342402048_o

ආරක්ෂාවට හොද කැමරාවක් තෝරාගන්න.. – CCTV අත්වැල 3

CCTV ආරක්ෂණ පද්ධතියේ ඇති වැදගත්ම කොටස කැමරාවයි. නමුත් බහුතරයකට ඒ ගැන ලොකු උනන්දුවක් නැත. වයර් වේවා, වයර් ලස් වේවා, IP කැමරා වේවා.. මොන විදියට සම්බන්ධ කළත් අවසාන ප්‍රතිඵලය වන රූපය පැහැදිලිව දර්ශනය වීම තමා වැදගත්…

මුල් කාලේ ආපු TVL කැමරා වල රූපමය ගුණාත්මය අඩු වුණත් සෑහෙන තරම් හොද ප්‍රතිඵල ලබාදුන්නා. ඉන්පසුව ආපු ඇනලොග් හයි ඩෙෆිනිෂන් කැමරා (AHD) 720P/1080P ආදි වශයෙන් තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙහිදී පූර්ණ අධි විභේදන (HD) රූපයක් මේවායින් ලැබෙන්නෑ. අර පරණ ක්‍රමයේම ඇනලොග් පින්තූරයක් තමයි එන්නේ. නමුත් අදාළ රෙසොලූෂන් එක තියෙනවා. ඇත්තම කිව්වොත් මේ රුපියල් 3000ක විතර කැමරාවෙන් තිරය පුරා පේන්න පින්තූරෙ පේනවා මිස එහි ඔය 1080P කියන සැබෑ ගුණාත්මය නැහැ. ඒක විශාල කරල බලද්දි තේරෙනවා රූප බොදවන එකෙන් මේ ඇත්ත තතත්ත්වෙ. මොකද බහුතර ලෙස භාවිත වෙන්නේ 2MP කැමරා නිසා.
‍‍
මෙගා පික්සෙල් අගය ඉහළ කැමරාවල රූපමය ගුණාත්මක බව ඉහළයි. සරලව කිව්වොත් ඉස්සර නොකියා 2MP ෆෝන් කැමරාවකින් ගත්තු පින්තූරයක් සහ ඊට පස්සේ එන 5/8/13/32/46 MP වගේ පින්තූරයක සුපැහැදිලිතාව අතරේ ලොකු වෙනසක් තියෙනව වගේමයි මේ කතාව. ඉතින් ඉහළ රූප ගුණාත්මකතාව තියෙන කැමරා මිලෙන් වැඩියි. සාමාන්‍ය DVR යන්ත්‍රවලට සහාය දක්වන්නෑ. ගබඩා වන වීඩියෝ සදහා වැඩි ඉඩක් ගන්නවා H.265 ප්‍රකරය (MODE) නොවේනම්.. ඉතින් හැමෝම මේ දාන කැමරාවලින් හැමදේම කරන්න හිතන්න එපා!

වාහන අංක තහඩු පැහැදිලිව දර්ශනය වන විශේෂිත කැමරා තියෙනවා, මුහුණු සහ අවට විශාලනය කරල පෙන්වන සූමින් ZOOM / PTZ පහසුකම් සහිත කැමරා තියෙනවා, රාත්‍රියේ පවා වර්ණයෙන් වීඩියෝ පේන කැමරා තියෙනවා, ඒවායේ වයර්ලස් ආදි මාදිලිත් තියෙනවා. ගේ ඇතුළෙ විතරක් දාන ජලරෝධක නොවන කැමරා තියෙනවා. මුහුණු හදුනාගැනීමේ විශේෂිත කැමරා තියෙනවා. ඉතින් අවශ්‍යතාව අනුව කැමරා වෙනස් කළ යුතුයි.

කාචයේ පුළුල් පරාසය 2.8mm/3.6mm/4mm/6mm ආදී වශයෙන් කැමරා තියෙනවා. හැමදෙනාම කෙළල අරින්නෙ 3.6mm කැමරාව. නමුත් සවිකරන ස්ථානය අනුව කැමරා කාචයේ වෙනස් වීම නිසා උසස් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එමෙන්ම IR බලය පැති‍‍‍රතිඵල ලබාගන්න පුළුවන්. එමෙන්ම IR බලය පැතිරෙන දුර එනම් රාත්‍රියේ පෙනෙන උපරිම දුර අනුව කැමරා වර්ග වෙලා තියෙනවා. 10m/20m/40m/60m/80m ආදී වශයෙන්. ඔය ඇතැම් smart IR කාමරා මාදිලි වල රාත්‍රියේ දර්ශන පරාසය ඉතා අඩුයි. නමුත් මුහුණක පින්තූරයක් ගත්තාම ඉතා පැහැදිලියි. ඒ වගේම දහවල් කාලයේ ඉර අව්ව වැටීම නිසා දිස්නය දෙන සුදුපැහැති ස්ථාන වල White Balance එක ඉතාම ලස්සනට සුමට කරල දෙනවා. නමුත් ඒවායේ ප්‍රබලතා කලාපය තරමක් දුර අඩුයි..

නිවැරදි කැමරාවක් තෝරගනිද්දි..රෑට පේන උපරිම දුර, කැමරාවෙන් දර්ශනය වන උපරිම කෝණය, රූපවල ගුණාත්මකභාවය ආදිය ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒවා අදාළ ඇසුරුමේ ගහල තියෙනවා. හැමවිටම branded නිෂ්පාදනයක් පමණක් තෝරාගන්න. එහෙම නොවන අනුකාරක මාදිලි වල ඔය කිසිදු තාක්ෂණික දත්තයක් නිවැරදි නැහැ! අපි HD කැමරා හයි කරල VGA මොනිටරයකින් බලන ජාතියක් නිසා කොච්චර කියලත් හරියන්නෑ…

Tags: No tags

Leave A Comment

Your email address will not be published. Required fields are marked *