62579370_10217663143103727_32701442905079808_n

CCTV අත්වැල – ලොකු වැඩ නැතුව සරලව DVR එකක් ගමු…

කලින් ලිපි තුනෙන් හැමදේම කතා කරපු නිසා තව ඉතුරුවෙලා තියෙන්නේ DVR එක ගැන කතාකරන්නයි.. ඔය තව ලිපියකින් විතර අවශේෂ දේවල් ගැන කතාකරන්න…

DVR එක ගනිද්දි අවම අවශ්‍යතාව ගැන හිතනන් එපා. ඒ කිව්වේ කැමරා 4යි නම් දාන්න තියෙන්නෙ චැනල් 4 DVR එකක් ගන්නවට වඩා චැනල් 8 එකක්ම ගන්න එක හැම අතින්ම ලාබයි. මොකද ටික කාලෙකින් හිතිවිලි වෙනස් වෙනවා.. අවශ්‍යතා වැඩිවෙනවා.. සමහරුන්ට බබාල මොනිටර් කරන්නත් කාමර වලට කැමරා දාගන්න හිතෙනවා. ඉතින් හැමවෙලාවෙම චැනල් ගාණ තමුන්ට අවශ්‍ය පමණට වඩා වැඩි එක ගන්න නිවෙසකට නම්.. ආයතනයකට නම් එහෙම ලොකු ඒවාට යන එක තේරුමක් නැහැ. අවශ්‍ය මුල් සැලසුම ගත්තාම ඇති.

ඉතින් මේ DVR යන්ත්‍ර වල සිදුවන රෙකෝඩින් කැමරාවේ ගුණාත්මකභාවයටම සමාන දැයි සැකහැර දැනගන්න. මොකද බ්‍රෑන්ඩඩ් යන්ත්‍ර වල පවා සමහර විට වැඩිපුර විකිණෙන්නේ 1MP රෙකෝඩ් වෙන එක තමයි. 2MP ම රෙකෝඩ් වෙන යන්ත්‍රය තරමක් මිල අධිකයි. බ්‍රෑන්ඩඩ් නොවන මාදිලි ගැන නං කතාකරල වැඩක් නෑ. වොයිස් පහසුකම, එලාම් සවිකිරීමේ පහසුකම් අවශ්‍ය නම් IP කැමරාවක් සවිකිරීමේ පහසුකම් ආදිය ගැන චුට්ටක් හිතන්න. HYBRID DVR එකක් ඔය හැම අතටම හොදයි.
‍‍‍
හොද කැපැසිටි එකක් තියෙන හාඩ් ඩිස්ක් එකක් ඒකට සවිකරන්න. ඒක හරියට ෆෝමැට් කරන්න. කැමති නං මෝෂන් සෙන්සර් ඔන් කරන්න. එවිට රෙකෝඩ් වෙන්නේ යම් චලනයක් සිදුවුණොත් පමණයි. එහෙම දුවද්දි කැමරා 8ක පද්ධතියක් ආසන්න ලෙස මාසයක් පමණ රෙකෝඩින් හිටිනවා.

ඇතැම් DVR යන්ත්‍රවල කැමරා සැකසුම් විශේෂතා ගොඩක් තියෙනවා. පඩිපෙළක් වගේ තැනක අපහසුවකින් තොරව පඩිපෙළම පහළට පේන විදියට සැකසුම් සකසන්න පුලුවන්. CORRIDOR MODE වගේ පහසුකම් තියෙන නිසා බෙල්ල උලුක් කරගෙන පින්තූර දිහා බලන්න උවමනා නැහැ. අනෙකුත් සියලු සැකසුම් සහ පහසුකම් සියල්ල හැම ඩී.වී.ආර් යන්ත්‍රයකටම පොදුයි. නමුත් වැදගත්ම දේ තමයි ඉතාම පහසුවෙන් රිමොට් සෙටින්ග්ස් හදල දුරකථනයෙන් විඩියෝ නැරඹීම සකසාගන්න එක..ඉස්සර ‍රවුටර් සෙටින්ග්ස් වල පොර්ට් ෆෝවර්ඩ් කරල හෝ DYN DNS අරගෙන හරි, නැත්තං STATIC IP අරගෙන හරි යකා නටන්න ඕනි කාලයක් තිබ්බා.. දැන් ඒ ගැටලු ගොඩක් විට අවමයි. සරලව තමුන්ටම කරගන්න පුලුවන් විදියට හදල තියෙනවා..

තවත් කාරණාවක් තමයි ඇතැම් අය පරණ කැමරාවලට අලුත් DVR සවිකරනවා. එහිදි ඇතැම් වෙලාවට TVL තාක්ෂණය තියෙන ඒවා AHD DVR වලට ගැළපෙන්නෑ.. තවත් කැමරා තියෙනවා මේ HDCVI සහ AHD ස්විච් කරල ඕනෑම DVR එකකට ගළපන්න පුලුවන් විදියට හදපු කැමරා. ඉතින් දාන කැමරාව, එහි මෙගාපික්සෙල් අගය සහ ඊට මේ යොදන යන්ත්‍රය ගැළපෙනවද කියල කලින් බලන්න. එකම වර්ගයෙන් නම් ගන්නෙ ගැයලුවක් ඇතිවෙන්නෙ නැහැ. අලුත් DVR එකක් දාලා පරණ කැමරා නං තියෙන්නෙ තේරුමක් නෑ.. හේතුව පින්තූර කොලිටි නැහැ.. ‍

IP වුණත් අතුරුමුහුණත විතරයි වෙනස් වෙන්නෙ…අනික් සියලු ක්‍රියාකාරීත්වයන් සමානයි. මිල තමා වැඩි වෙන්නේ! ඉතින් මේ උපකරණය නිසි පරිදි EARTH කරල කැබින් එකක දාලා පරෙස්සමට තියාගන්න එක තමුන්ගේ වැඩක්..

Tags: No tags

Leave A Comment

Your email address will not be published. Required fields are marked *