62579370_10217663143103727_32701442905079808_n

CCTV අත්වැල – ලොකු වැඩ නැතුව සරලව DVR එකක් ගමු…

කලින් ලිපි තුනෙන් හැමදේම කතා කරපු නිසා තව ඉතුරුවෙලා තියෙන්නේ DVR එක ගැන කතාකරන්නයි.. ඔය තව ලිපියකින් විතර අවශේෂ දේවල් ගැන කතාකරන්න…

DVR එක ගනිද්දි අවම අවශ්‍යතාව ගැන හිතනන් එපා. ඒ කිව්වේ කැමරා 4යි නම් දාන්න තියෙන්නෙ චැනල් 4 DVR එකක් ගන්නවට වඩා චැනල් 8 එකක්ම ගන්න එක හැම අතින්ම ලාබයි. මොකද ටික කාලෙකින් හිතිවිලි වෙනස් වෙනවා.. අවශ්‍යතා වැඩිවෙනවා.. සමහරුන්ට බබාල මොනිටර් කරන්නත් කාමර වලට කැමරා දාගන්න හිතෙනවා. ඉතින් හැමවෙලාවෙම චැනල් ගාණ තමුන්ට අවශ්‍ය පමණට වඩා වැඩි එක ගන්න නිවෙසකට නම්.. ආයතනයකට නම් එහෙම ලොකු ඒවාට යන එක තේරුමක් නැහැ. අවශ්‍ය මුල් සැලසුම ගත්තාම ඇති.

ඉතින් මේ DVR යන්ත්‍ර වල සිදුවන රෙකෝඩින් කැමරාවේ ගුණාත්මකභාවයටම සමාන දැයි සැකහැර දැනගන්න. මොකද බ්‍රෑන්ඩඩ් යන්ත්‍ර වල පවා සමහර විට වැඩිපුර විකිණෙන්නේ 1MP රෙකෝඩ් වෙන එක තමයි. 2MP ම රෙකෝඩ් වෙන යන්ත්‍රය තරමක් මිල අධිකයි. බ්‍රෑන්ඩඩ් නොවන මාදිලි ගැන නං කතාකරල වැඩක් නෑ. වොයිස් පහසුකම, එලාම් සවිකිරීමේ පහසුකම් අවශ්‍ය නම් IP කැමරාවක් සවිකිරීමේ පහසුකම් ආදිය ගැන චුට්ටක් හිතන්න. HYBRID DVR එකක් ඔය හැම අතටම හොදයි.
‍‍‍
හොද කැපැසිටි එකක් තියෙන හාඩ් ඩිස්ක් එකක් ඒකට සවිකරන්න. ඒක හරියට ෆෝමැට් කරන්න. කැමති නං මෝෂන් සෙන්සර් ඔන් කරන්න. එවිට රෙකෝඩ් වෙන්නේ යම් චලනයක් සිදුවුණොත් පමණයි. එහෙම දුවද්දි කැමරා 8ක පද්ධතියක් ආසන්න ලෙස මාසයක් පමණ රෙකෝඩින් හිටිනවා.

ඇතැම් DVR යන්ත්‍රවල කැමරා සැකසුම් විශේෂතා ගොඩක් තියෙනවා. පඩිපෙළක් වගේ තැනක අපහසුවකින් තොරව පඩිපෙළම පහළට පේන විදියට සැකසුම් සකසන්න පුලුවන්. CORRIDOR MODE වගේ පහසුකම් තියෙන නිසා බෙල්ල උලුක් කරගෙන පින්තූර දිහා බලන්න උවමනා නැහැ. අනෙකුත් සියලු සැකසුම් සහ පහසුකම් සියල්ල හැම ඩී.වී.ආර් යන්ත්‍රයකටම පොදුයි. නමුත් වැදගත්ම දේ තමයි ඉතාම පහසුවෙන් රිමොට් සෙටින්ග්ස් හදල දුරකථනයෙන් විඩියෝ නැරඹීම සකසාගන්න එක..ඉස්සර ‍රවුටර් සෙටින්ග්ස් වල පොර්ට් ෆෝවර්ඩ් කරල හෝ DYN DNS අරගෙන හරි, නැත්තං STATIC IP අරගෙන හරි යකා නටන්න ඕනි කාලයක් තිබ්බා.. දැන් ඒ ගැටලු ගොඩක් විට අවමයි. සරලව තමුන්ටම කරගන්න පුලුවන් විදියට හදල තියෙනවා..

තවත් කාරණාවක් තමයි ඇතැම් අය පරණ කැමරාවලට අලුත් DVR සවිකරනවා. එහිදි ඇතැම් වෙලාවට TVL තාක්ෂණය තියෙන ඒවා AHD DVR වලට ගැළපෙන්නෑ.. තවත් කැමරා තියෙනවා මේ HDCVI සහ AHD ස්විච් කරල ඕනෑම DVR එකකට ගළපන්න පුලුවන් විදියට හදපු කැමරා. ඉතින් දාන කැමරාව, එහි මෙගාපික්සෙල් අගය සහ ඊට මේ යොදන යන්ත්‍රය ගැළපෙනවද කියල කලින් බලන්න. එකම වර්ගයෙන් නම් ගන්නෙ ගැයලුවක් ඇතිවෙන්නෙ නැහැ. අලුත් DVR එකක් දාලා පරණ කැමරා නං තියෙන්නෙ තේරුමක් නෑ.. හේතුව පින්තූර කොලිටි නැහැ.. ‍

IP වුණත් අතුරුමුහුණත විතරයි වෙනස් වෙන්නෙ…අනික් සියලු ක්‍රියාකාරීත්වයන් සමානයි. මිල තමා වැඩි වෙන්නේ! ඉතින් මේ උපකරණය නිසි පරිදි EARTH කරල කැබින් එකක දාලා පරෙස්සමට තියාගන්න එක තමුන්ගේ වැඩක්..

61640932_10217610720113185_2911486230342402048_o

ආරක්ෂාවට හොද කැමරාවක් තෝරාගන්න.. – CCTV අත්වැල 3

CCTV ආරක්ෂණ පද්ධතියේ ඇති වැදගත්ම කොටස කැමරාවයි. නමුත් බහුතරයකට ඒ ගැන ලොකු උනන්දුවක් නැත. වයර් වේවා, වයර් ලස් වේවා, IP කැමරා වේවා.. මොන විදියට සම්බන්ධ කළත් අවසාන ප්‍රතිඵලය වන රූපය පැහැදිලිව දර්ශනය වීම තමා වැදගත්…

61552828_10217563891862508_1946085299981385728_n

CCTV කතාව තවදුරටත්… – 2 කොටස

කලින් කේබල් ගැන කතාකළා වගේ විදුලි සැපයුම ගැනත් කතා නොකර බැහැ. මොකද හොද කල් පවතින කැමරා පද්ධතියක් සදහා බලසැපයුම් පද්ධතිය ඉතා වැදගත්. ආරක්ෂාව අතිනුත් එහෙමමයි.

මුල් කාලයේ සෙන්ට්‍රලයිස්ඩ් පවර් සප්ලයි පාවිච්චි කරා. නමුත් පසුව ඒක ප්‍රවීණ කාර්මිකයින් අතහැර දමනු ලැබුවා. මොකද වෝල්ට් 12කින් යුතු ඇම්පියර් 10-20ක පවර් සප්ලයි එකකින් සියලුම කැමරා වලට බලය ලබාදිය හැකිවුවත්, විදුලි විසර්ජනයකදි මේවායේ ඇති ‘ඉහළ ගුණාත්මක බව’ නිසා පිළිස්සී යනව ඉතාම පහසුවෙන්. අනික් ගැටලුව සියලුම කැමරා එවිට අකර්මණ්‍ය වෙනවා. බොහෝ දෙනාගේ මිල අඩු පැකේජ වල තියෙන්නෙ මේ බල සැපයුමක්. මොකද ඒක වයරිං ක්‍රියාවලියෙදි සහ මුදල අතින් තරමක් ලාබදායක සහ ලේසි නිසා. මුල් කාලේ කරේ හැම කැමරාවකටම විදුලි සැපයුම් සොකට් එකක් හරහා පොඩි පවර් ඇඩැප්ටර් එකකින් විදුලිය ලබාදීම. එයත් ආරක්ෂාකාරී වුණාට. විදුලි සැපයුම් පොයින්ට් වයරිං කරන එක හරිම වාතයක්. වියදමත් වැඩියි.
‍‍හොදම දේ තමා අයිසොලේටඩ් පවර් සප්ලයි හරහා හැම කැමරාවකටම වෙන් වෙන්ව බලය සැපයීම. ඒවා මිලෙනුත් අඩුයි. ආරක්ෂාකාරීයි. ගොඩක් හොද විශේෂාංග සහිත ගුණාත්මක පවර් බොක්ස් හොයාගන්න පුලුවන් වෙළෙදපෙලේ.. නෙට්වර්ක් කැමරා කරන අයට POE SWITCH හරහා ඒ කිව්වේ පවර් ඔවර් ද ඊදර්නෙට් ක්‍රමයට ස්විච් එකක් හරහා කැමරාවලට බලය ලබාදෙන්න පුලුවන්..ඒවා සාමාන්‍ය මට්ටමේ අයට කරන්න පුලුවන් සහ දරන්න පුලුවන් වැඩ නෙවෙයි. මේවා තමා වඩා ප්‍රතිඵලදායක ක්‍රම. තවත් ක්‍රම තිබ්බට ඒවා ගැන කතාකරල වැඩක් නෑ..
‍‍
ලොකුම වැඩේ ගෙවල් වල කැමරා සවිකරන්න ගියාම තියෙන ප්‍රශ්න. නියුට්‍රල් සහ පේස් එකේ දෙකේම විදුලිය එනවා.. අර්ත් එකෙත් එනවා.. යකඩ ආවරණයක් තියෙන ඒවා අල්ලන්න බෑ…! වම දකුණ මාරුවෙලා විදුලිය එනවා.. සියලු වැඩ කරන්නේ එල්ලි එල්ලි තියෙන සොකට් වලින්, මල්ටි ප්ලග් ගහල, බාල වර්ගයේ පේව්මන්ට් එකේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝර්ඩ් වලින්තමයි.. ඉතින් රටේ නැති ප්‍රශ්න. එහෙම තැන්වල කැමරා සවි කරන්නේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නව නං විතරයි. මොකද හැමදාම යන්න වෙනවා අලුත්වැඩියාවන් වලට. පෞද්ගලිකව මම නං කරන්නෙම නැහැ..

ඒ හන්දා ඇම්පියර් 13 සොකට් දෙකක් බිත්තියට හයිකරන්න ඕනි DVR යන්ත්‍රයට ආසන්නයෙන්. ඒකට සර්කිට් බ්‍රේකර් එකක් හරහා තමයි විදුලිය දෙන්න ඕනි. ඒ වගේම රුපියල් තුන්දාස්ගාණෙවත් තියෙන තඹකූරක් පොළවට බස්සල වෙනම අර්ත් ලයින් එකක් ගන්න ඕනි. මොකද අලුත්ම ගෙවල් වල හැර අනික් ගෙවල් වල අර්ත් එක එතරම් හොද නැහැ. ලාබ අර්ත් කූරු බස්සල හිත සනසගෙන වැඩකුත් නෑ! අර සර්කිට් බ්‍රේකර් එකේ වටිනාකම තියෙන්නේ මේ වයර් මීයෝවත් කාලා අනතුරක් වෙන්න තියෙන සහ අපිට මේකෙ අවුලක් කියල දැනගන්න තියෙන එකම ක්‍රමය ඒකයි. ආරක්ෂාව ඊටත් වඩා තියෙනවා. නමුත් මේ සියල්ලට අමතර මුදල් වැයවෙනවා..

ඊලගට සර්ජ් ප්‍රොටෙක්ටරයක් සවිකළ යුතුයි. රටේ විදුලිබල මණ්ඩලය පිස්සු කෙළින නිසාත් ලක්ෂගාණක වැඩක් එක විදුලි පහරකින් විනාශ වුණොත් පාරිභෝගිකයාත් කාර්මිකයාත් දෙදෙනාම අන්ත අසරණ වන නිසා. මොකද අකුණු – විදුලි සැර වලට වගකීම් දෙන්නේ නෑ.! අනික වර්ෂාව තියෙන වෙලාවක වුණත් බය නැතුව වැඩ කරන්න පුලුවන්. මේකෙන් කියන්නෑ සොබාදහමේ හැම ප්‍රහාරයකටම මේක හරියනව කියල.. දැවැන්ත අකුණු වලට සමාවක් නෑ.. නමුත් මුකුත් නොකර ඉන්නවට වඩා මේක වැදගත්. මොකද එහෙම වුණොත් විනාශ වෙන්නෙ අඩු උපකරණ සංඛ්‍යාවක් මිස සමස්ත පද්ධතියම නෙවෙයි. අපට සටන් කළ හැකි සීමාවෙ අනික් උපාංගය UPS එකක් යෙදීම, ඒක ආරක්ෂාවට වගේම බැකප් එකටත් ඉතාම වැදගත්. හානිදායක විද්‍යුත් විසර්ජන වලදි මේ බ්‍රේකර්, සර්ජ් ඇරෙස්ටර්, UPS වලින් අමිල මෙහෙයක් සිද්ධ වෙනවා. ඔය මොනව කළත් වැඩක් නෑ 4G රවුටරයක් නොදා ටෙලිකොම් ලගේ ADSL රවුටරෙන් කැට් කේබල් එකක් අදල DVR එකට ඉන්ටනෙට් සැපයුම කරොත්! අනිවා අකුණකින් බඩු පිච්චෙනවා. කොහොමත් UPS එකක් හරහා බලය නොදුන්නොත් සදා දුකේ. කැමති අය ඕනෑ බම්බුවක් ගසාගත්තාවේ..
‍‍
මේ ත්‍රිත්ත්ව ආරක්ෂණය යොදපුවහම අඩුතරමේ නිදහසේ හිතේ බයක් නැතුව ඉන්න පුලුවන්. ඊටත් වඩා වහින වෙලාවට ගොරවල වෙලාවට මේක ගලව ගලව ඉන්නේ නැතුව ඉන්න පුලුවන්. අනික ආරක්ෂාවට සවිකරන දෙයක් සැරින් සැරේ දාන්නයි, ගලවන්නයි ගියාම ඒකෙ ඇති වැඩක් තියෙද?

60041966_10217440945588928_6527273863741440000_n

CCTV අත්වැල – 01

මේ දවස්වල ඉන්බොක්ස් පිරෙන්නේ..අයියෙ නිව්ස් නැද්ද? අයියේ කැමරා වගයක් සෙට් කරගන්න ඕනි..කොහොමද කෙරෙන්නේ…කියල..එකෙක්වත් අයියේ අද අපේ දිහා කන්න වරෙන්..අපේ දිහා බොන්න වරෙන් කියන්නෑ..

හැමෝටම කට කැඩෙන කං කියල ඇති වෙලා නිසා මතක් වෙන විදියට, ගැඹුරට යන්නැතුව අන්තිම සරලව කතන්දරේ කියල දෙනවා.. විද්‍යාත්මකව ඕනි අය ඉන්බොක්ස් කරන්න. ප්‍රතිරෝධය ගණනය එක්ක ධාරා විද්‍යුතය කියල දෙන්නං…හැම පාර්ට් එකටම එක ලිපිය ගාණෙ ඕං ලියනව.

කැමරා ගහද්දි මුලින්ම සැලකිලිමත් විය යුතු දේ තමා කේබල්. මොකද මේවා එක්කො සිවිලිමේ උඩ, පොළව යට, කන්ටියුට් බට-කේසින් අස්සේ තියෙන නිසා ප්‍රශ්නයක් වුණොත් හොයාගන්න ගියාම පිස්සු හැදෙනවා. අනික නැවීම් රාශියක් එක්ක යද්දි ඇතැම් විට පින්තූර වල ගේන් එකක් නැත්තං ලාවට ඉරක් වගේ යනවා රූපවල පසුබිමින්.. ඒවට විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍රත් ඒ කිව්වේ ඔය කේබල් යන තැන තෙකලා විදුලි වයරයක්, ලොකු කාන්දමක් වගේ ඒවා තියේ නං ඔය වැඩේ වෙනවා…
‍‍
කොඇක්සියල් කේබල් බහුලව යොදාගන්නේ ඕම්ස් 75 3C2V කේබලය. වැඩි ඕම්ස් ගාණක කේබල් වැඩේට කීකරු නෑ ගනකමයි. ඒකයි 75ම ගන්නේ.

දැන් ඔය පිටකොටුවෙන් උස්සං එන ‘කැමරා පැකේජ’ වල සහ හැම කඩේම මේ කේබල් තියෙද?

ඔව්! තියෙනවා හැබැයි ඒ නිසි ප්‍රමිතියට නෙවෙයි. පැකේජ වල එන කේබල් එක දිලිසෙනව වගේම හරිම නම්‍යශීලීයි. ඒක බාලයි. ඒ කියන්නේ දෙතුන් පෙළකින් නැවුණහම කැඩෙනවා. ඒ වගේම කඩවල් වල අයියල විශේෂයෙන් නොදන්න අයට කේබල් කියල දෙන්නේ රුපියල් 1500-2500 විතර වෙනකං ‍තියෙන කේබල්. ඒවායින් උපරිම දුර මීටර් 75ක් විතර තමයි පුළුවන් කිසිදු අවුලක් නැතුව. එතනින් එහා යද්දි රටේ නැති කරදර… ඒවා හොදා පොඩි ගෙදරකට.

ඇයි ඒ?

හේතුව මේවායේ තඹ ප්‍රතිශතය 30%-40%ත් තමා තියෙන්නේ.. ඒකත් මැද කම්බිය විතරයි.. අනික් වගේ තියෙන කේබල් දැල තනිකරම ඇලුමිනියම් කේබල් වලට කොපර් ගාලා!

ඉතින් අවුල මොකක්ද?

අවුල තමා ලොකු සයිට් එකකට, මීටර් 100-120 වගේ තැනක දැම්මාම පින්තූර එන්නෑ. වයරින් කරාට පස්සෙ තමා රගේ දැනෙන්නේ. නමුත් 95% ක තඹ මාත්‍රණය සඑිත කේබල් එක මීටර් 250ක් පමණ ඍජු තත්ත්වයන් යටතේ පාවිච්චි කරන්න පුලුවන්.. ඒ වයර් රෝලක් අර වගේ තුන්ගුණයක් විතර ගණං…! ඉතින් කෝටේෂන් එක දෙද්දි මේක ගිනි ගණං නෙ කියල කියනවා මේ ඇත්ත නොදැන. ‍‍හොද කේබල් වලින් කරහම අවුරුදු 15කට වඩා ඕනම පද්ධතියක් ලෙඩ නැතුව පවතිනවා.. ලග ලග නැවුම් තිබ්බා කියල වුණත් ලොකු ආබාධයක් එන්නේ නෑ..

එතකොට මේක නෙට්වර්ක් කේබල් වලින් කරාම හරිනෙ.?

ඔව්. කැට් 5, කැට් 6 කේබල් වලින් කරන්න පුලුවන්. ඒ කේබල් වලත් මේ ප්‍රශ්නෙම තියෙනවා.! රුපියල් 6000ටත් වයර් රෝල (මීටර 300) තියෙනවා රු.35000ටත් වයර් රෝල තියෙනවා. කැට් 6 පියෝ කොපර් කේබල් බොක්ස් එකක් අර තරං ගණං ඒකෙ කල් පැවැත්ම සහ ගුණාත්මක බව නිසා තමා. තඹ හරි ගණං..

ඉතින් එහෙනං එක කේබල් එකේ වයර් කැමරා 2-4ක් වගේ යන්න පුලුවන්නේ. ?

ඔව්.ලග ලගම තියෙනව නං එහෙම පුළුවන්. හැබැයි ඒ කේබල් එකේම ඩේටා මිස පවර් යවන එක අනුමත කරන්න බැහැ. මොකද ඒ කම්බියේ ගණකම 230V විදුලිය යවන්න සුදුසු නැහැ. අනික ඔය වැඩේට පැසිව් වීඩියෝ බැලුන් කියල කන්වර්ටරයක් අන්තිමට ඕන වෙනවා දෙපැත්තටම දාන්න.නැත්තං අර කැමරාවට සරිලන අතුරුමුහුණත හදන්න බැරිවෙනවා. මොකද අයි.පී කැමරා හරිම ගණං! අයි.පී කැමරා වලදි ඔය සෙල්ලම කරන්න බෑ.. ලෝබකමට කැමරා දාන්න යන එක. බොහෝ දෙනෙක් ඔය දේවල් අච්චාරු කරල කරනවා වියදම අඩුකරන්න.. පැවැත්ම තමා අඩුවෙන්නේ.

එතකොට ඔය පවර් වයර්.. ?

ඒකටත් අර සන්තෑසියම තමා. රුපියල් 1500ටත් වයර් රෝල තියෙනවා. 3500ටත් තියෙනවා. මුලින් කියපු වර්ගේ හොදා තාවකාලික වැඩකට නම්. මොකද ඒකෙ පිට ආවරණය ෆයර් ගාඩ් නෑ. ගොඩක් අය ඕවා කේසින් වල දාලා ගෙදර බිත්තියෙ එළියෙන් යවනවා.. අව්වට රත්වෙනවා..වැස්සට සීතල වෙද්දි මේ කෝටින් එක පිටි පිටි ගැළවිලා යනවා ටික කාලයක් යද්දි.. කම්බි නිකං කෙස්ගස් වලට වඩා තුනීයි. තඹ මාත්‍රණය 40%ක් වගේ තියෙනවා. නමුත් බ්‍රැන්ඩඩ් දේශිය ආයතන වල හදන ෆ්ලෙක්සිබල් කේබල් ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුතුයි. වසර 20-30 වුණත් කරදර දෙන්නේ නෑ. අනික ගිනිගැනීමක් වුණත් හානියක් නෑ. බොහෝ අය වයර් වල ප්‍රමාණය අඩුවෙන් දාලා තමයි මුලින් කොටේෂන් එක දෙන්නේ.. සමහරු කැමරා 12ක පද්ධතියකට මීටර් 100 රෝලයි කියල දානවා.. කොඇක්සියලුත් මීටර් 100යි කියල දානවා. මීටර් 100න් එක කැමරාවක් වත් එක අන්තයක ඉදන් අවසාන අන්තයට අදින්න බැරි වෙන වෙලාවල් තියෙනවා. !

දුර අදිනව නං මොනාද හොද?

කැට් 6 වලට යන්න පුලුවන් නං හොදයි. මොකද ඇක්ටිව් වීඩියෝ බැලූන් දාලා කිලෝමීටරයක් වුණත් අදින්න පුලුවන්. නැත්තං හොද පියෝ කොපර් කේබල් දාන්න.. මීටර් 150ක් වුණත් ගැටලුවක් නැතුව පින්තූර එනවා. ඔය කඩවල් වල සිග්නල් වැඩිකරන සිග්නල් ඇම්ප්ලිෆයර්.. කේබල් එක්ස්ටෙන්ඩර් ජාති තියෙනවා. ඒවා පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඒවට මගදි විදුලි සැපයුමකුත් දෙන්න වෙනවා.

ඔය වැඩේට අවශ්‍ය වෙන කේබල් සියල්ල හොද ප්‍රමිතියකින් දැම්මාම වැඩේ කරාට පස්සෙ කම්ප්ලේන් නැහැ. නමුත් වැඩ අල්ලගන්න ඕනි නිසා හැමෝම කරන්නෙ මිල අඩු කේබල් වලින් වැඩේ කරනවා. ඒක කැමරා පද්ධතියේ ආරක්ෂාවටත් තර්ජනයක්…

මීලගට නිවෙසේ බල සැපයුම…..